අභ්‍යවකාශ ගවේශනයේ ආරම්භසේ සිටම විවිධ ග්‍රහලෝක වල අධ්‍යයන කටයුතු සඳහා යානා යවන එක විවිධ රටවල් කරන්න පුරුදු වුනා. එයින් ප්‍රධානම වුනේ එම ග්‍රහලෝක වල පෘෂ්ඨ ස්වභාවය, ජීවය, පැවැත්ම හා ජීවය ඇතිකිරීමට සුදුසු තත්ත්ව තිබේද යන්න පරීක්‍ෂා කරන එක. මේ සඳහා ස්වයංක්‍රීය මෙන්ම දුරස්ථව පාලනය කල හැකි විවිධ වාහන ඒ ඒ ග්‍රහලෝක වෙත යවන්න අභ්‍යවකාශ පර්යේෂකයින් පටන් ගත්තා. නමුත් මේ බොහෝමයක් ග්‍රහලෝක ඒ වෙද්දීත් ගවේශණය කරල තිබුනේ නැති නිසා ඒ ඒ ග්‍රහලෝක වල පෘෂ්ඨය පිලිබඳ පුරෝකථනය කරල වාහනය නිශ්පාදනය කරන එක තමයි කලේ. නමුත් මෙහිදි මෙම වාහන වල ටයර් වලට හානි වෙලා, එහෙමත් නැති නම් සමහර තැන් වලින් යන්න බැරි වෙලා, බර වැඩි වීම නිසා සමහර තැන් වල හිර වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න බැරිවුන අවස්ථා තිබුනා.
|
ඡායාරූපය අන්තර්ජාලයෙනි |
මේ ගැටලුව විසඳන්න නාසා ආයතනය විවිධ වාර වලදී උත්සාහ ගත්තා වුනත් 2017 දී සොයා ගත්තු අලුත් ටයර් එක නිසා මේ වැඩේ ඒ තරම් අමාරු වෙන එකක් නැහැ කියල තමයි විද්‍යඥයෝ කියන්නේ. මේ වෙද්දී මෙම ටයරය එක්ක කරන්න තියෙන මූලික පර්යේශන ගනනාවක්ම අවසන් කරලයි තියෙන්නේ.
මෙම නිර්මාණයේ අදහස මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ 2000 වර්ශයේ මැද භාගයේ නාසා
ආයතනයේ ඉන්ජිනේරුවකු වන "විවිකස් අසානි" විසිනුයි. එහිදී මෙය නිර්මාණය කර
ඇත්තේ කුඩා ප්‍රමාණයේ දඟර දැමූ කම්බි දැලක් සේ ඇති වන අයුරින් ඇසිරීමෙනි.
දැනට අඟහරු මත තිබෙන කියුරෝසිටි රෝවර් යානාවේ තිබෙන්නේ මෙලෙස සකස් කල
ටයරයයි. මෙය හොඳින් ඝර්ෂනය ඇති කිරීමට සමත් බවයි කියවෙන්නේ. නමුත් 2013 දී
අඟහරු මත ගොඩ බෑමෙන් පසු අනපේක්‍ෂිත ලෙස රළු පෘෂ්ඨ නිසාවෙන් ටයර වලට හානි සිදුවෙලා තියෙනවා.
මෙයට විසදුමක් ඔහියෝ, ක්වීලන්ඩ් හි පිහිටි නාසා
ග්ලේන් පර්යේශන ආයතනයේ "කොලින් ක්රේගර්" සහ "සැන්ටෝ පදුලා" ඉන්ජිනේරුවන්
විසින් සොයාගෙන තියෙනවා.
ටයරය නිශ්පාදනය වෙන්නේ අතීතයේ සන්නාහ හැදුනු ක්‍රමයට ලඟින් ලඟින් ඇහිරුණු ලෝහ මුදු වලින්. මේ විදිහට දැලක් වගේ හැදුනු කම්බි වලින් ටයරයක හැඩය ලබා ගන්නවා. මේ සඳහා ඔවුන් භාවිතා කරල තියෙන්නේ ටයිටේනියම් නිකල් නම් මිශ්‍ර ලෝහයයි. සාම්ප්‍රදායික වානේ වෙනුවට මිශ්‍ර ලෝහයක් භාවිතා කිරීමේ විවිධ වාසි තියෙනවා. එයින් මූලික වන්නේ ආතතිය යටතේ විරූපනය වීම අවම වීමයි. එ මෙන්ම අනිත් අමුද්‍රව්‍ය වලින් සෑදුනු ටයර මෙන් 30 ගුණයක විරූපන වලට ඔරොත්තු දීමේ හැකියාව මෙම ටයරයට තියෙනවා.
|
ඡායාරූපය අන්තර්ජාලයෙනි |
|
ඡායාරූපය අන්තර්ජාලයෙනි |
සැන්ටෝ පදුලා පවසන අන්දමට මෙම් ටයරය නිශ්පාදනය වන්නේ ටයිටේනියම් මූලික වූ මිශ්‍ර ලෝහයකිනි. මෙම නිසා සාමාන්‍ය ටයර මෙන් නොව මෙය විරූපන ඇති නොකරයි. සාමාන්‍යයෙන් අප සාමාන්‍ය ද්‍රව්‍ය වලට ආතති ඇති කල විට එහි ඇති පරමාණුක ව්‍යුහයේ බන්ධන ඇදීමකට ලක් කරයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි ඇති පරමාණු අාතතියකට ලක්කිරීමේදී පරමාණු තම පිහිටුම් වෙනස් කරගනිමින් පරමාණු නැවත සකස් වීමෙන් හැඩය පවත්වාගනී. මේ නිසා නැවත පලමු තත්ත්වයට පහසුවෙන් පැමිණේ. මේ නිසා සදාකාලික විරූපන ඇතිවීමේ සම්භාවිතාව සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා 30 ගුණයකින් වැඩිවේ. මේ නිසා අපට සම්පූර්ණ වශයෙන් ටයරයේ හැඩය වෙනස් කලද නැවත පලමු තත්ත්වයට පත් කල හැකි වනු ඇත.
මෙම නිශ්පාදනයේ මූලිකාකෘතිය දැන් නාසා ආයතනයේ රොකට් ප්‍රචාලන පර්යේශනාගාරයේ අඟහරු ජීවය සදහා පර්යේශන කරන කණ්ඩායම වෙත යවා තිබෙනවා. එයින් පසු ඔවුන් මෙම ටයරයෙන් ලබා දෙන වැදගත්ම ප්‍රතිලාභ තුනක් ඉස්මතු කර දක්වන්නට වුනා.
|
ඡායාරූපය අන්තර්ජාලයෙනි |
ඉන් පළමුවැන්න වන්නේ අඟහරු මත වැඩි ප්‍රදේශයක් ගවේශනයට මෙම ටයරය නිසා අවකාශ ලැබෙනු ඇත යන්නයි. දෙවනුව එම ටයරය භූමියේ ආකාරයට පහසුවෙන් හැඩගැසෙන නිසා රෝද ගිලී යාම, හානි වීම හා ස්කන්ධය හා පරිමාව අනුව විශාල බරක් දරා ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත. තෙවනුව මෙම ටයරය ගැටීම් නිසා සිදුවන ඇතිවන ශක්තිය උරා ගන්නා නිසා එය වාහනයේම වේගය බවට හරවා ගැනීම මගින් අනෙක් අශ්‍යවකාශ ගවේශන යානා වලට සාපේක්‍ෂව විශාල වේගයකින් ගමන් කල හැකි වනු ඇත.
නමුත් තවමත් මෙම ටයරය නාසා ආයතනය විසින් භාවිතයට ගනී දැන් තීරණය කර නැත. නමුත් පෘථිවියේ සාමාන්‍ය වාහන වලට මෙම ටයර යොදා ගෙන පවා විවිධ පර්යේශන කර ඇත. කෙසේ වෙතත් සාමාන්‍ය වාහන සදහා මෙම ටයර භාවිතයේ හැකියාවක් මෙහි නිශ්පාදන වියදම නිසා තවමත් හැකියාවක් නොමැත.