Friday 10 October 2014

Blood Moon හැදෙන්නේ කොහොමද?

Blood Moon කියන සිදුවීම පිළිබඳ දන්න අය ඇති ඒ වගේම නොදන්න අයත් ඇති.මේ ඒ අය වෙනුවෙන් ලියවෙන ලිපියක්. ක්‍රිස්තු ධර්මය අදහන අය නම් මේ Blood Moon කියන කතාවක් දන්නවා ඇති. මොකද බයිබලයේ අනාවැකියක් සඳහන් වෙන නිසා. කොහොම වුනත් මේ කියන්න යන්නේ ඒ ගැන නම් නොවෙයි.

ඉතිරියත් කියවන්න...
http://sulakkhana.blogspot.com/2014/10/blood-moon.html

Tuesday 18 March 2014

සිංහල අළුත් අවුරුද්දේ  තාරකා විද්‍යා පදනම

සිංහල අවුරුද්ද යනු ලංකාවේ චිරාත් කාලයක් මුලුල්ලේ පැවැත්වෙන ඡාතික උත්සවයකි මෙම ඡාතික උත්සවය දේශයේ සශ්‍රිකක්වය උදෙසා පවත්වනු ලබන්නකි අස්වනු නෙලා ගෙට ගන්නා බක් මහේ පවත්වනු ලබන මෙම උත්සවය සිංහල මෙන්ම දෙමළ ඡනතාව උත්සවශ්‍රියෙන් පවත්වති
මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ පදනම කුමක්ද? අප සැවොම දන්නා පරිදි සිංහල අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට සංක‍්‍රමණය වීමත් සමගින්ය මෙමගින් පැවසෙන්නේ කුමක්ද? සැබවින්ම සූර්යයා මෙසේ රාශියකින් තවත් රාශියකට සංක්‍රමණය විමක් සිදු වේද?
පෘථිවිය සුර්යයා වටේ පරිභ්‍රමණය වනවා මිස සුර්යයා පෘථිවිය වටා පරිභ්‍රමණය නොවන බව අප දනිමු එසේ නම් මෙම චලිතය කුමක්ද? අපට පෙනෙන සියලුම ආකාශ වස්තු පවතින්නාසේ පෙනෙන ගෝලය ඛගෝලයයි මෙම ඛගෝලය තුල තරු රටාද අඩංගුය මෙම තරු රටා අතරින් තරු රටා 12 ක් සුවිශේෂී වේ එනම් අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගමන් කරන්නේ රාශි චක්‍රය ලෙස හදුන්වන මෙම රාශි 12 පසුබිම් කරගෙනය. මෙම රාශි අපට පුරුදු ලග්න රාශින්මය.මේවා මේෂ , වෘෂභ , කටක , මිථුන , සිංහ , කන්‍යා , තුලා , වෘශ්චික , ධනු , මකර , කුම්භ  සහ මීන යන නම් වලින් හැදින් වේ


එය සිදුවන්නේ මෙලෙසයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිනිය වන්නේ කිරිසයුර මන්දාකිනියයි එය සර්පිලාකාර හැඩයකින් සැදුනු මන්දාකිනියකි එම නිසා සුර්යයාත් අන් ග්‍රහලෝකත් ගමන් කරන්නේ එකම තලයකය . මෙසේ  සෞරග්‍රහ මණ්ඩලය පවතින තලය පසුබිම් කරගෙන පවතින්නේ මෙම රාශි 12 යි. මේ අනුව සුර්යයාත් අන් ග්‍රහලෝකත් පිහිටන්නේ මෙම තරු රාශි 12 තුලය. මීට හොදම උදාහරණය නම් අප යම් ග්‍රහලෝකයක පිහිටිම විස්තර කරන විට එය පසුබිම් කොට පවතින තාරකා රාශි සදහන් කිරිමයි (බ්‍රහස්පති ග්‍රහලෝකය මිථුන රාශියේ පිහිටයි ලෙස) මේ අනුව සූර්යයාද ඕනෑම අවස්ථාවකදී මෙම රාශි 12 න් එකක් පසුබිම් කරගෙන පිහිටනු ඇත. මෙසේ සූර්යයා වර්ෂයක් පුරාවට එක් එක් රාශිය පසුබිම් කරගනිමින් රාශි චක්‍රෙය් ගමන් කර අවසන් රාශිය වන මින රාශිය වෙත පිවිසෙයි . අප්‍රේල් මස දින දෙකකදී නැවතත් සූර්යයා මින රාශියේ සිට රාශි චක්‍රයේ පළමු රාශිය වන මේෂ රාශියට ගමන් කිරිම සිදුවේ. එක් එක් රාශියට ආවේණික ඉඩ ප්‍රමාණයක් පවති .එක් රාශියක් පසු කරගෙන වෙනත් රාශියක සූර්යයා සිටිනවා සේ පෙනීමට විවිද වු කාලයන් ගතවේ.අවුරුදු සංක්‍රාන්තිය යනු මින රාශියෙන් දර්ශණය වු සූර්යයා මේෂ රාශියේ දර්ශණය විමට ගන්නා කාලවකවානුවයි.සිංහල අවුරුද්දේ නොයෙක් නැකත් සහ නොනගතය උදාවන්නේද සූර්යයාගේ මෙම දෘශ්‍ය චලිතය නිසායි.

සූර්යයාගේ මෙම දෘශ්‍ය චලිතය සෑම වසරකම අප්‍රේල් මාසයේදීම සිදුවන්නේ නැත. එනම් සූර්යයා  සමග අප  සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථය වටා නිදහස් චලනයක ගමන් කරයි,මෙම චලනය නිසා පූර්වායනය යන ක්‍රියාවලිය සිදුවේ.මේ නිසා සැම වසරකම සූර්යයා එකම ස්ථානයක දෘශ්‍ය චලිතයක් බලාපොරොත්තු විය නොහැකිය.මෙම හේතුවෙන් අප සලකන අවුරුදු උදාව සැම වසරකදීම එකම දිනයක සිදු නොවනු ඇත.එසේම කල් යත්ම මෙය ක්‍රමයේන මැයි මාසයට ව්‍යාප්ත වනු ඇත.
සිංහල අවුරුද්ද ලැබීමට පෙර නොනගතය නම් වු කාලයක් ඇත.එනම් සූර්යයා මීන රාශියේ අවසන් සීමාවෙන් නික්මීමට පටන් ගන්නා මොහොතේ නොනගතය ආරම්භ වේ. ඉන් පසුව ක්‍රමයෙන් සූර්යයා මේෂ රාශියට ඇතුලත් වේ.සූර්යයා මීන සහ මේෂ යන රාශි දෙක අතර ගත වන කාලය නොනගතය ලෙස හැදින් වේ.එසේම සූර්යයා සම්පූර්නයෙන්ම මේෂ රාශිය තුලට පැමිණි අවස්ථාව නොනගතයේ අවසන් අවස්තාවයි.
මෙසේ බැලූ කළ සිංහල අවුරුදු උදාව සැබවින්ම තාරකා විද්‍යාත්මක සිදු වීමක් බව මෙම කරුණු වලින් මනාව පැහැදිලි  වේ.



එච්,ආර් ,  අනුර බණ්ඩාර
ස්කයි ලව(ර්)ස් තාරකා විද්‍යා සංගමය
36/1 , හිදකළුගම ,
පහළ ලන්ද
අම්පාර
0779052223  -  0718127588

astroampara@gmail.com