Tuesday 15 November 2016

Super Moon එහෙමත් නැත්තම් සුපිරි සඳ

හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.

වැඩිපුර විස්තර සඳහා පහල ලින්කුව බලන්න..
http://sulakkhana.blogspot.com/2016/11/super-moon.html 

Thursday 21 April 2016

2016 වසරේ බුධ සංක්‍රාන්තිය



2016 වසරේ මැයි මස 09 වැනිදා සිදුවන බුධ සංක්‍රාන්තිය සාපේක්‍ෂව දුර්ලභ සිදුවීමකි. එයට හේතුව වන්නේ සූර්යයාගේ මධ්‍යය ආසන්නයෙන් බුධ සංක්‍රමණය වීමයි. සාමාන්‍යයෙන් සියවසකට බුධ සංක්‍රාන්තීන් 13ක් පමණ සිදුවේ. මේ ඉන් එකකි. පෘථිවියේ සිටින අපට බුධ හා සිකුරු සංක්‍රාන්ති පමණක් දැකිය හැකි වන්නේය.
මේ වසරේ සිදුවන සංක්‍රාන්තිය හොඳින්ම දිස්වෙන්නේ යුරෝපය, අප්‍රිකාව හා පැසිෆික් සාගරය දෙසටයි. නැගෙනහිර ආසියාව, ජපානය ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්ත්ය වැනි රට වලට මෙය දිස් වන්නේ නැත. ලංකාවේ අපට හිරු බැස යාමට පෙර පැයක පමණ කාලයක් මෙය දැකගත හැකි වනු ඇත.
නැවත මෙවන් අවස්ථාවක් ඇතිවන්නේ 2019 වසරේ නොවැම්බර් මස 11 වනදා වන අතර එය මෙතරම් වෙලාවක් නොපවතිනු ඇත. එනිසා මෙය අනගි අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

සූර්යයා ඉදිරියේ බුධගේ ප්‍රමාණය 1/158ක් පමණ වන නිසා 50x පමණ විශාලනයක් ඇති දුරේක්‍ෂයක් භාවිතයෙන් හොඳින් බුධ සංක්‍රාන්තිය දැකගත හැකිය. අප මෙය නිරීක්‍ෂණය කරන අයගෙන් සූර්ය්‍ය පෙරහන් භාවිතා කරන ලෙස අවවාද කර සිටිමු. ඡායාරූපගත කරන්නන් වෙනුවෙන් අවකාශ ඇති අතර ඒ සාඳහා සුදුසු පෙරහන් හා ආම්පන්න සහිතව සූදානම්ව සිටින මෙන් ඉල්ලා සිටිමු. සුදුසු පෙරහන් නොමැති නම් දුරේක
යෙන් පැබෙන ප්‍රතිභිම්භය කඩදාසියක් මතට ගැනීමද සිදුකල හැකිය.

Tuesday 12 January 2016

ක්‍ෂීරපථය ඡායාරූපගත කරන්නේ කොහොමද?

ගොඩක් දෙනාට ගැටලුවක් වෙලා තියෙන ක්‍ෂීරපථය ඡායාරූප ගත කරන හැටි තමයි මම අද කියන්න යන්නේ. හැබැයි මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන ක්‍ෂීරපථය කියන්නේ මොකක්ද කියල. සහ එය දකින්න පුළුවන් අවස්ථා මොනවාද කියල. මොකද හොඳ නිරීක්‍ෂකයෙකු නොවී හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න බැරි නිසා.
මොකක්ද මේ ක්‍ෂීරපථය?
තාරකා, දූවිලි, වායු හා අනෙකුත් ග්‍රහ වස්තූන් සියල්ල ගුරුත්වාකර්ශණයෙන් එකට බැඳිල තියෙනවා. අන්න ඒ බැඳුනු කොටස් සියල්ලේ එකතුවට අපි මන්දාකිණියක් කියල කියනවා. ඉතින් මේ වගේ මන්දාකිණි විශාල ගණනක් විශ්වය පුරා තියෙනවා. එයින් අපේ පෘථිවිය අයිති මන්දාකිණිය අපි ක්‍ෂීරපථය කියන නමෙන් හඳුන්වනවා.  එය පැතැලි සර්පිලාකාර එකක්. අපි ඉන්නේ එහි දකුණු බාහුවේ කෙලවරක. මෙය පළලින් ආලෝක වර්ශ 100000ක් පමණ වෙනවා. සාමාණ්‍යයෙන් ආලෝකය වසරක් තුල සැතපුම් 5865696000000ක් පමණ ප්‍රමාණයක් ගමන් කරනවා ඉතින් එය ආසන්නව සැතපුම් ට්‍රිලියන 5.9ක් ඒ කියන්නේ ක්‍ෂීරපථය සැතපුම් ට්‍රිලියන 590000ක් විතර තරම් වෙනවා. එය අති විශාල සංඛ්‍යාවක්. වර්තමාන දැනුම අනුව අපේ මන්දාකිණිය සතුව තාරකා බිලියන 200-400ත් අතර සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලි ආලෝක දූෂණයෙන් අඩු රාත්‍රීන් වලදී අපට අපේ මන්දාකිණියේ එනම් ක්‍ෂීරපථයේ උතුරු කොටස දකින්න පුළුවන්.
ඉතිරිය කියවන්න මේ සබැඳියෙන්....
http://sulakkhana.blogspot.com/2016/01/blog-post.html