Wednesday 10 April 2024

Devil Comet හෙවත් 12P/Pons–Brooks වල්ගා තරුව

2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී පියවි ඇසින් දැකිය හැකි වල්ගාතරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. 12P/පොන්ස්-බෲක්ස් ලෙස හැඳින්වෙන මෙය වසර 71.3 ක කක්ෂ කාලයක් ගත කරනු ලබන ආවර්තිත වල්ගා තරුවකි. ආවර්තිත වල්ගා තරු යනු වසර 200කට අඩු කක්‍ෂ කාලයක් තිබෙන්නා වූ වල්ගා තරු වේ. 1812 ජූලි මාසයේදී ජීන් ලුවී පොන්ස් විසින් Marseilles නිරීක්ෂණාගාරයේදී සහ 1883 දී විලියම් රොබට් බෲක්ස් විසින් එහි මීළඟ දර්ශනයේදී නිශ්චිතවම සොයා ගන්නා ලදී. එම නිසා මෙය පොන්ස්-බෲක්ස් ධූමකේතුව ලෙස හැඳින්වේ. මෙම ධූමකේතුවේ 2024 අප්‍රේල් 21 නැවත පෘථිවියට සූර්යයාගේ සිට 0.781 AU (කිලෝමීටර මිලියන 116.8) දිස්වූ අතර එහි පෘථිවියට ආසන්නතම ප්‍රවේශය 2024 ජුනි 2 වන දින 1.55 AU ( කිලෝමීටර මිලියන 232) වේ. එහිදී වල්ගා තරුව පෙනෙන විශාලත්වය 4.5 දක්වා දීප්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටිම් ජැක්සන් විසින් 2024 මාර්තු 5 වන දින එක්සත් රාජධානියේ චෙල්ටන්හැම් වලදී ලබාගත් ඡායාරූපය උපකරණ: ZWO 2600MC pro කැමරාව, Askar FRA500 දුරේක්ෂය, ZWO AM5              

ධූමකේතු න්‍යෂ්ටිය 2020 ප්‍රභාමිතික මිනුම් වලදී අධික ලෙස දූවිලි හා වායුව නිපදවන්නේ නැතැයි උපකල්පනය කරමින් එහි විෂ්කම්භය කිලෝමීටර 30ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. තවද මෙම Comet 12P/Pons-Brooks κ-Draconids උල්කාපාත වර්ෂාව ඇති කළ හැකි මව් ශරීරය ලෙස ද ප්‍රසිද්ධය.

Map showing Comet 12P/Pons-Brooks in Aries on April, 10 2024. Field of view: 50x30 degrees

ඉදිරි දින වල ධූම කේතුවේ නිරීක්‍ෂණ අහස පහත පරිදි වේ.

සාමාන්‍යෙයන් මේශ රාශිය ඇතුලේ මේ දවස් වල හවස 7.00 ට විතර බස්නාහිර අහසේ අංශක 30 ට ආසන්නයේ බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නයෙන් මේ ධූමකේතුව බලන්න පුලුවන්. අපවිත්‍ර නොවුන අහසක් නම් ඔයාලට ඇහැ හුරු වුනාම පියවි ඇහෙන් දකින්න සම්භාවිතාවත් තියෙනවා.

Thursday 11 January 2018

2018 ආරම්භයේ ශ්‍රී ලංකාවට දිස්වන චන්ද්‍රග්‍රහණය

චන්ද්‍රග්‍රහණය හා සූර්යග්‍රහණ වඩා සුලභ සංසිද්ධීන් නොවන නිසා අපි මේ සංසිද්ධිය ඇති වීම ජීවිත කාලය තුල එක් වතාවක් වත් බලා ගන්න ආස කරනවා. 2018 වර්ශය ආරම්භ වෙද්දීම අපිට මේ සඳහා අවස්ථාව උදාවෙලා තියෙනවා.


Thursday 21 December 2017

ටයිටේනියම් නිකල් මිශ්‍ර ලෝහයෙන් හැදුනු සන්නාහ ටයරය

අභ්‍යවකාශ ගවේශනයේ ආරම්භසේ සිටම විවිධ ග්‍රහලෝක වල අධ්‍යයන කටයුතු සඳහා යානා යවන එක විවිධ රටවල් කරන්න පුරුදු වුනා. එයින් ප්‍රධානම වුනේ එම ග්‍රහලෝක වල පෘෂ්ඨ ස්වභාවය, ජීවය, පැවැත්ම හා ජීවය ඇතිකිරීමට සුදුසු තත්ත්ව තිබේද යන්න පරීක්‍ෂා කරන එක. මේ සඳහා ස්වයංක්‍රීය මෙන්ම දුරස්ථව පාලනය කල හැකි විවිධ වාහන ඒ ඒ ග්‍රහලෝක වෙත යවන්න අභ්‍යවකාශ පර්යේෂකයින් පටන් ගත්තා. නමුත් මේ බොහෝමයක් ග්‍රහලෝක ඒ වෙද්දීත් ගවේශණය කරල තිබුනේ නැති නිසා ඒ ඒ ග්‍රහලෝක වල පෘෂ්ඨය පිලිබඳ පුරෝකථනය කරල වාහනය නිශ්පාදනය කරන එක තමයි කලේ. නමුත් මෙහිදි මෙම වාහන වල ටයර් වලට හානි වෙලා, එහෙමත් නැති නම් සමහර තැන් වලින් යන්න බැරි වෙලා, බර වැඩි වීම නිසා සමහර තැන් වල හිර වෙලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න බැරිවුන අවස්ථා තිබුනා. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
මේ ගැටලුව විසඳන්න නාසා ආයතනය විවිධ වාර වලදී උත්සාහ ගත්තා වුනත් 2017 දී සොයා ගත්තු අලුත් ටයර් එක නිසා මේ වැඩේ ඒ තරම් අමාරු වෙන එකක් නැහැ කියල තමයි විද්‍යඥයෝ කියන්නේ. මේ වෙද්දී මෙම ටයරය එක්ක කරන්න තියෙන මූලික පර්යේශන ගනනාවක්ම අවසන් කරලයි තියෙන්නේ. 

මෙම නිර්මාණයේ අදහස මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ 2000 වර්ශයේ මැද භාගයේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවකු වන "විවිකස් අසානි" විසිනුයි. එහිදී මෙය නිර්මාණය කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ දඟර දැමූ කම්බි දැලක් සේ ඇති වන අයුරින් ඇසිරීමෙනි. දැනට අඟහරු මත තිබෙන කියුරෝසිටි රෝවර් යානාවේ තිබෙන්නේ මෙලෙස සකස් කල ටයරයයි. මෙය හොඳින් ඝර්ෂනය ඇති කිරීමට සමත් බවයි කියවෙන්නේ. නමුත් 2013 දී අඟහරු මත ගොඩ බෑමෙන් පසු අනපේක්‍ෂිත ලෙස රළු පෘෂ්ඨ නිසාවෙන් ටයර වලට හානි සිදුවෙලා තියෙනවා. 

මෙයට විසදුමක් ඔහියෝ, ක්වීලන්ඩ් හි පිහිටි නාසා ග්ලේන් පර්යේශන ආයතනයේ "කොලින් ක්රේගර්" සහ "සැන්ටෝ පදුලා" ඉන්ජිනේරුවන් විසින් සොයාගෙන තියෙනවා.

ටයරය නිශ්පාදනය වෙන්නේ අතීතයේ සන්නාහ හැදුනු ක්‍රමයට ලඟින් ලඟින් ඇහිරුණු ලෝහ මුදු වලින්. මේ විදිහට දැලක් වගේ හැදුනු කම්බි වලින් ටයරයක හැඩය ලබා ගන්නවා. මේ සඳහා ඔවුන් භාවිතා කරල තියෙන්නේ ටයිටේනියම් නිකල් නම් මිශ්‍ර ලෝහයයි. සාම්ප්‍රදායික වානේ වෙනුවට මිශ්‍ර ලෝහයක් භාවිතා කිරීමේ විවිධ වාසි තියෙනවා. එයින් මූලික වන්නේ ආතතිය යටතේ විරූපනය වීම අවම වීමයි. එ මෙන්ම අනිත් අමුද්‍රව්‍ය වලින් සෑදුනු ටයර මෙන් 30 ගුණයක විරූපන වලට ඔරොත්තු දීමේ හැකියාව මෙම ටයරයට තියෙනවා. 
ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
සැන්ටෝ පදුලා පවසන අන්දමට මෙම් ටයරය නිශ්පාදනය වන්නේ ටයිටේනියම් මූලික වූ මිශ්‍ර ලෝහයකිනි. මෙම නිසා සාමාන්‍ය ටයර මෙන් නොව මෙය විරූපන ඇති නොකරයි. සාමාන්‍යයෙන් අප සාමාන්‍ය ද්‍රව්‍ය වලට ආතති ඇති කල විට එහි ඇති පරමාණුක ව්‍යුහයේ බන්ධන ඇදීමකට ලක් කරයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙහි ඇති පරමාණු අාතතියකට ලක්කිරීමේදී පරමාණු තම පිහිටුම් වෙනස් කරගනිමින් පරමාණු නැවත සකස් වීමෙන් හැඩය පවත්වාගනී. මේ නිසා නැවත පලමු තත්ත්වයට පහසුවෙන් පැමිණේ. මේ නිසා සදාකාලික විරූපන ඇතිවීමේ සම්භාවිතාව සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා 30 ගුණයකින් වැඩිවේ. මේ නිසා අපට සම්පූර්ණ වශයෙන් ටයරයේ හැඩය වෙනස් කලද නැවත  පලමු තත්ත්වයට පත් කල හැකි වනු ඇත.

මෙම නිශ්පාදනයේ මූලිකාකෘතිය දැන් නාසා ආයතනයේ රොකට් ප්‍රචාලන පර්යේශනාගාරයේ අඟහරු ජීවය සදහා පර්යේශන කරන කණ්ඩායම වෙත යවා තිබෙනවා. එයින් පසු ඔවුන් මෙම ටයරයෙන් ලබා දෙන වැදගත්ම ප්‍රතිලාභ තුනක් ඉස්මතු කර දක්වන්නට වුනා. 

ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඉන් පළමුවැන්න වන්නේ අඟහරු මත වැඩි ප්‍රදේශයක් ගවේශනයට මෙම ටයරය නිසා අවකාශ ලැබෙනු ඇත යන්නයි. දෙවනුව එම ටයරය භූමියේ ආකාරයට පහසුවෙන් හැඩගැසෙන නිසා රෝද ගිලී යාම, හානි වීම හා ස්කන්ධය හා පරිමාව අනුව විශාල බරක් දරා ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත. තෙවනුව මෙම ටයරය ගැටීම් නිසා සිදුවන ඇතිවන ශක්තිය උරා ගන්නා නිසා එය වාහනයේම වේගය බවට හරවා ගැනීම මගින් අනෙක් අශ්‍යවකාශ ගවේශන යානා වලට සාපේක්‍ෂව විශාල වේගයකින් ගමන් කල හැකි වනු ඇත. 

නමුත් තවමත් මෙම ටයරය නාසා ආයතනය විසින් භාවිතයට ගනී දැන් තීරණය කර නැත. නමුත් පෘථිවියේ සාමාන්‍ය වාහන වලට මෙම ටයර යොදා ගෙන පවා විවිධ පර්යේශන කර ඇත. කෙසේ වෙතත් සාමාන්‍ය වාහන සදහා මෙම ටයර භාවිතයේ හැකියාවක් මෙහි නිශ්පාදන වියදම නිසා තවමත් හැකියාවක් නොමැත.

Tuesday 15 November 2016

Super Moon එහෙමත් නැත්තම් සුපිරි සඳ

හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.

වැඩිපුර විස්තර සඳහා පහල ලින්කුව බලන්න..
http://sulakkhana.blogspot.com/2016/11/super-moon.html 

Thursday 21 April 2016

2016 වසරේ බුධ සංක්‍රාන්තිය



2016 වසරේ මැයි මස 09 වැනිදා සිදුවන බුධ සංක්‍රාන්තිය සාපේක්‍ෂව දුර්ලභ සිදුවීමකි. එයට හේතුව වන්නේ සූර්යයාගේ මධ්‍යය ආසන්නයෙන් බුධ සංක්‍රමණය වීමයි. සාමාන්‍යයෙන් සියවසකට බුධ සංක්‍රාන්තීන් 13ක් පමණ සිදුවේ. මේ ඉන් එකකි. පෘථිවියේ සිටින අපට බුධ හා සිකුරු සංක්‍රාන්ති පමණක් දැකිය හැකි වන්නේය.
මේ වසරේ සිදුවන සංක්‍රාන්තිය හොඳින්ම දිස්වෙන්නේ යුරෝපය, අප්‍රිකාව හා පැසිෆික් සාගරය දෙසටයි. නැගෙනහිර ආසියාව, ජපානය ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්ත්ය වැනි රට වලට මෙය දිස් වන්නේ නැත. ලංකාවේ අපට හිරු බැස යාමට පෙර පැයක පමණ කාලයක් මෙය දැකගත හැකි වනු ඇත.
නැවත මෙවන් අවස්ථාවක් ඇතිවන්නේ 2019 වසරේ නොවැම්බර් මස 11 වනදා වන අතර එය මෙතරම් වෙලාවක් නොපවතිනු ඇත. එනිසා මෙය අනගි අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

සූර්යයා ඉදිරියේ බුධගේ ප්‍රමාණය 1/158ක් පමණ වන නිසා 50x පමණ විශාලනයක් ඇති දුරේක්‍ෂයක් භාවිතයෙන් හොඳින් බුධ සංක්‍රාන්තිය දැකගත හැකිය. අප මෙය නිරීක්‍ෂණය කරන අයගෙන් සූර්ය්‍ය පෙරහන් භාවිතා කරන ලෙස අවවාද කර සිටිමු. ඡායාරූපගත කරන්නන් වෙනුවෙන් අවකාශ ඇති අතර ඒ සාඳහා සුදුසු පෙරහන් හා ආම්පන්න සහිතව සූදානම්ව සිටින මෙන් ඉල්ලා සිටිමු. සුදුසු පෙරහන් නොමැති නම් දුරේක
යෙන් පැබෙන ප්‍රතිභිම්භය කඩදාසියක් මතට ගැනීමද සිදුකල හැකිය.