Wednesday 10 April 2024

Devil Comet හෙවත් 12P/Pons–Brooks වල්ගා තරුව

2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී පියවි ඇසින් දැකිය හැකි වල්ගාතරුවක් ලෙස මෙය හැඳින්විය හැකිය. 12P/පොන්ස්-බෲක්ස් ලෙස හැඳින්වෙන මෙය වසර 71.3 ක කක්ෂ කාලයක් ගත කරනු ලබන ආවර්තිත වල්ගා තරුවකි. ආවර්තිත වල්ගා තරු යනු වසර 200කට අඩු කක්‍ෂ කාලයක් තිබෙන්නා වූ වල්ගා තරු වේ. 1812 ජූලි මාසයේදී ජීන් ලුවී පොන්ස් විසින් Marseilles නිරීක්ෂණාගාරයේදී සහ 1883 දී විලියම් රොබට් බෲක්ස් විසින් එහි මීළඟ දර්ශනයේදී නිශ්චිතවම සොයා ගන්නා ලදී. එම නිසා මෙය පොන්ස්-බෲක්ස් ධූමකේතුව ලෙස හැඳින්වේ. මෙම ධූමකේතුවේ 2024 අප්‍රේල් 21 නැවත පෘථිවියට සූර්යයාගේ සිට 0.781 AU (කිලෝමීටර මිලියන 116.8) දිස්වූ අතර එහි පෘථිවියට ආසන්නතම ප්‍රවේශය 2024 ජුනි 2 වන දින 1.55 AU ( කිලෝමීටර මිලියන 232) වේ. එහිදී වල්ගා තරුව පෙනෙන විශාලත්වය 4.5 දක්වා දීප්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ටිම් ජැක්සන් විසින් 2024 මාර්තු 5 වන දින එක්සත් රාජධානියේ චෙල්ටන්හැම් වලදී ලබාගත් ඡායාරූපය උපකරණ: ZWO 2600MC pro කැමරාව, Askar FRA500 දුරේක්ෂය, ZWO AM5              

ධූමකේතු න්‍යෂ්ටිය 2020 ප්‍රභාමිතික මිනුම් වලදී අධික ලෙස දූවිලි හා වායුව නිපදවන්නේ නැතැයි උපකල්පනය කරමින් එහි විෂ්කම්භය කිලෝමීටර 30ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. තවද මෙම Comet 12P/Pons-Brooks κ-Draconids උල්කාපාත වර්ෂාව ඇති කළ හැකි මව් ශරීරය ලෙස ද ප්‍රසිද්ධය.

Map showing Comet 12P/Pons-Brooks in Aries on April, 10 2024. Field of view: 50x30 degrees

ඉදිරි දින වල ධූම කේතුවේ නිරීක්‍ෂණ අහස පහත පරිදි වේ.

සාමාන්‍යෙයන් මේශ රාශිය ඇතුලේ මේ දවස් වල හවස 7.00 ට විතර බස්නාහිර අහසේ අංශක 30 ට ආසන්නයේ බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නයෙන් මේ ධූමකේතුව බලන්න පුලුවන්. අපවිත්‍ර නොවුන අහසක් නම් ඔයාලට ඇහැ හුරු වුනාම පියවි ඇහෙන් දකින්න සම්භාවිතාවත් තියෙනවා.

No comments:

Post a Comment